Welcome

Kularathna Jayasekara

2013/05/26

මනාලියගේ දෙවැනි ගමනට (Going Away)

මනාලියන්ගේ දෙවැනි ගමනට සුදුසු ඇදුමක් තෝරා ගනිමුද

2013/05/22

රණවිරු උපහාර උළෙල 2013

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ප්‍රදේශයේ ආබාධිත හා මියගිය රණවිරුවන් සහ රණවිරු පවුල් වල අය සදහා උපහාර පිදීමේ උළෙලක් 2013 මැයි මස 21 වන දින උත්සවාකාරයෙන් පැවැත්වීය.එහි ඡායාරූප සටහන් කිහිපයක් මෙසේ ඔබ වෙත පිරිනමමි.

ජාතික සංකේත

අදට යෙදි ඇති ජනරජ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික සංකේත සම්බන්දයෙන් දැනුවත් කිරීම සදහා ඒවායේ තොරතුරු පහතින් දක්වා ඇත.

2013/05/11

සිංහල සිංදු

බොදු බැති ගී ඇතුළු සිංහල ගීත අසන්න මෙතනින් ඇතුල් වෙන්න මෙතන ක්ලික් කරන්න

2013/05/07

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය



ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය
වර්ෂ 1972 සිට මේ දක්වා ශ්‍රී ලංකාව භාවිතා කරන රාජ්‍ය ලාංඡනය ඉහතින් දැක්වේ.
·       මෙහි මැද සිංහයා දැක්වේ. එයින් සිංහල ජාතියත්,
·       සිංහයා වටා ඇත්තේ නෙළුම් පෙති මොස්තරය මගින් පිරිසිදු බවත්,
·       මේ චක්‍රය දරා සිටින්නේ පුන්කලසයි එයින් සෞභාග්‍යත්,
·       පුන්කලසින් විහිදෙන වී කරල් චක්‍රය වටා ඉහලට යයි එමගින් සශ්‍රීකත්වයත්,
·       පුන්කලසට වම්පසින් හද දැක්වෙන අතර දකුණු පසින් ඉර ඇත. එයින් ජාතිය ඉර හද පවතින තුරු පවතින බවත්,
·       චක්‍රය මුදුනේ ධර්ම චක්‍රය ඇත. ධර්මිෂ්ඨකම සහ සාධාරණත්වය මෙමගින් පිළිබිඹුවේ.
·       මැද සිටින සිංහයා කඩුවක් අත දරා සිටීමෙන් ජාතියේ ප්‍රෞඪත්වය පෙන්වයි.
රාජ්‍ය ලාංඡනය යොදා ඇති තැන්:-
·       රජය විසින් නිකුත් කරන පාසැල් පොත්වල,
·       රජයේ අමාත්‍යාංශ විසින් නිකුත් කරන ප්‍රකාශන,බලපත්‍ර හා ලිපිවල.
·       රජයේ වාහන වල
·       භාවිතා කරනු ලබන මෙරට කාසි වල.

2013/05/03

ආරච්චිකට්ටුව කනිටු විදුහලේ බක්මහ උළෙල 2013




හලා/ආර/ආරච්චිකට්ටුව කනිටු විදුහලේ දරු දැරියන්ගේ 2013 සිංහල අලුත් අවුරුදු උළෙල අද දින පෙරවරුවේ සියලු චාරිත්‍රානුකූල වත්පිළිවෙත් මැද අති උත්කර්ෂවත් ලෙස පැවති අතර එහි ඡායාරූප පෙලක් පහත දැක්වේ.