Welcome

Kularathna Jayasekara

2013/03/02

සමෘද්ධි නිලධරයා කේරල ගංජා සමග අල්ලයි



සමෘද්ධි නිලධරයා කේරල ගංජා සමග අල්ලයි



ත්‍රීරෝද රියකින් කේරල ගංජ කිලෝ දෙකක් කල්පිටියට රැගෙන යමින් සිටි සමෘද්ධි නිලධරයකු අත්අඩංගුවට ගත් පොලීසිය අසළ දූපතක සඟවා තුබූ තවත් කිලෝ 48ක් සොයා ගත්තේය.
කේ.ජී. 2ක් අල්ලා, 46ක් සොයාගනියි කේරල ගංජා කිලෝ 02 ක් ප්‍රවාහනය කරමින් තිබුණ ත‍්‍රිරෝද රථයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම සහ කල්පිටිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමකින් පසුව තවත් කෙරල ගංජා කිලෝ 46ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

කල්පිටිය පොලීසියේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (01) දින පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


Computer Trenning