Welcome

Kularathna Jayasekara

2013/06/20

කාරුණික හදවත් විවර වේවා

ඉහත ඡායාරූපයේ ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බන්ඩාරහේන ග්‍රාම නිලධාරි වසමේ අංක 95/ඒ, බන්ඩාරහේන,ආරච්චිකට්ටුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු හතර හමාරක් වයසැති සිලුම් ලිහාරා දියණිය සහ ඇගේ වයස අවුරුදු එක හමාරක් වයසැති කුඩා සහෝදරයා වන සවින් ලිසදු යන අයයි. මෙම දරුවන් දෙදෙනාම ශ්‍රවණාබාධිත තත්වයේ පසුවන අතර ඔවුන්ට ශ්‍රවණ උපකරණ පැලදීමෙන් මෙම තත්වය සමනය වන බව වෛද්‍ය වරුන් නිර්දේශ කර තිබේ. එසේ වුවද මෙම පවුල ඉතාමත් දුකසේ ජීවත් වන පවුලක් බැවින් අදාල ශ්‍රවණ උපකරණ මිළදී ගැනීමේ හැකියාවක් නොමැත . මේ පිලිබද ඔබගේ කාරුණික අවධානය යොමුකර අදාල පවුල වෙනුවෙන් උපකාරයක් කරන්නැයි ආයාචනා කරමි.
ඔබ මුදලින් උපකාර කරන්නේනම් මෙම දරුවන්ගේ මව වන සුසිතා ලක්මාලි නමින් හලාවත කොමර්ෂල් බැංකු ශාඛාවේ විවෘත කර ඇති 8430038507 දරණ ගිණුමට බැර කල හැකිය.
මේ පිලිබද වැඩි විස්තර ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් විමසිය හැක.
දුරකථන අංකය:- 0322259452 හෝ 0322259709
(මෙම දරුවන් කැළණිය ශ්‍රවණුන ළමුන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය ලක්මන් බියන්විල මහතා විසින් පරික්ෂාකර ඇති බව වැඩිදුරටත් දන්වමි)