Welcome

Kularathna Jayasekara

2023/01/08

Youtube Channel


 

2010 වර්ෂය යනු මා තොරතුරු තාක්ෂණයට ඝෘජුවම බද්ධ වූ වර්ෂයයි. ඊටත් වසර කිහිපයකට පෙර පරිගණකය ආශ්‍රීත බොහෝ ක්‍රියාකාරකම් හී නියලුනද මේ අවස්ථාව මා වෙත උදා වෙන්නේ එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් තුමාගේ (නම දිර්ඝ ලිපියකින් පසුව සදහන් කරමි) ඉල්ලීමකට අනුව මා කාර්යාලීය රාජකාරි සඳහා සම්බන්ධවීමෙන් පසු විද්‍යුත් තැපැල් කටයුතු වලට නැඹුරුවීමට සිදුවීමෙනි. ඒ ලද අත්දැකීම් වලට අනුව මා මටම කියා විද්‍යුත් ලිපිනයක් සකස් කර ගත් අතර ඉන් අනතුරුව ඒ අවධියේ සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පැවති මුහුණු පොත සමාජ මාධ්‍යටද සම්බන්ධ විය. ඉන් වසර දෙකක් ගෙවී ගිය තැන එනම් 2012 දෙසැම්බර් මස  තවත් ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන යූටියුබ් නාලිකාවක්ද මා නමින් සකස් කර ගත් අතර ඊට සමගාමීව ආරච්චිකට්ටුව නමින් බ්ලොග් අඩවියක්ද (arachchikattuwa.blogspot.com) නිර්මාණය කෙරුවෙමි. මා විසින් සකස් කරගත් යූටියුබ් නාලිකාව සඳහා  අවස්ථා කිහිපයකදි පමණක් වීඩියෝ පට උඩුගත කල අතර එය එතරම් උනන්දුවකින් සිදුකල ඒවා නොවේ. 2022 සැප්තැම්බර් මස වනවිට නැවතත් යූටියුබ් නාලිකාව කෙරේ අවදානය යොමු කරන ලද්දේ මා මිත්‍රයෙකුගේ ඉල්ලීමකට අනුවයි. ඒ සමගම යූටියුබ් සම්බන්ධිත වැඩසටහනටද (YPP) ඉල්ලුම් කල අතර එය සම්පූර්ණ කිරීම සඳහා වසරක් තුල නැරඹුම් පැය 4000ක් සම්පූර්ණ කල යුතු විය. ඒ නිසාම නොයෙකුත් වීඩියෝ පට බෙදා ගනිමින් මාස 03ක පමණ කාලයක් තුල එය සම්පූර්ණ කර ගැනීමට මා හට හැකිවිය. මාගේ නාලිකාව සමගින් සම්බන්ධ වෙමින්, රැඳි සිටිමින් , වැඩසටහන් නරඹමින් හා නිර්මාණකරණයට සහය ලබා දෙමින් කටයුතු කල සියළුම දෙනාට හදවතින්ම ස්තුතිය පුද කර සිටිමි.

Kularathna Jayasekara

මාගේ යූටියුබ් නාලිකාවට මෙතනින් පිවිසෙන්න..............

https://www.youtube.com/channel/UC1lk0J8S5TNWqCbE650Wb9g

ළපටි පත්‍ර---


ළපටි පත්‍ර---

නගරයෙන් කිලෝමීටර් 12ක පමණ දුරකින් පිහිටි දුෂ්කර ගම්මානයක පිහිටි පාසැලක්. පබාවති කියන්නේ එම පාසැලේ දහවන පන්තියේ ඉගෙන ගන්න දක්ෂ සිසුවියක්. සිසු සිසුවියන් දහයක් පමණක් ඉන්නා මේ පන්තියේ ඇයට අභියෝග කරන්නට හිටියේ මුතු මැණිකේ විතරමයි. අධ්යාපනයට මෙතරම් දක්ෂවූ පබාවති හරිම සුන්දර යුවතියක් වුනත් ඇගේ පවුල් පරිසරයනම් එතරම්ම සුන්දරදැයි සැක සහිතය. ඇයගේ පවුලේ සාමාජිකයින් ගණන පහක් අම්මා, තාත්තා සහ ඇයට වඩා බාල සහෝදරයෙකුත් සහෝදරියකුත් තමයි ඒ කට්ටිය. ඇය තමයි පවුලේ වැඩිමල් දරුවා වුනේ. කටු මැටි ගහපු බිත්ති පොල් අතු වහලෙට සෙවිලි කරලා කිසි පිලිවෙලක් නැති නිවසක්. පියාගේ රැකියාව වුනේ ගොවිතැන. ඔව් හේන් ගොවිතැන. මේ හේන පිහිටලා තිබුනෙත් නිවසේ ඉදන් කිලෝමීටරයක් විතර දුරින්. පබාවතිගේ අම්මාට හවුල් අයිතියක් තිබුණු ඉඩමක තමයි තාත්තා ගොවිතැන් කෙරුවේ. ඒකත් හවුලටම තමයි. පබාවතිගේ ඇවැස්ස මස්සිනා ඒ කියන්නේ අම්මාගේ සහොදරයෙකුගේ පුතෙක් වෙච්චි ජිනදාස තමයි මේ හවුල් කාරයා වුනේ. ඇවැස්ස නෑකම හින්දමද මන්දා පබාවති වැඩිවිය පැමිණුනාට පස්සේ මස්සිනාගේ බැල්මත් වැඩිවුනා. ඒත් ඒකටනම් පබාවති එතරම්ම කැමතිවුනේ නෑ. අව්වට පිලිස්සිලා කලුපාට වෙච්චි හම, වයසිනුත් අවුරුදු දහයක් විතර වැඩිමල්කම විතරක් නෙමේ මහා දඩබ්බර ගතිගුණවලටත් කවුද කැමති වෙන්නේ? එච්චරද හැමදාම හොර ගුබ්බෑයම් වලට රිංගලා කණමදයා වගේ බොන බේබදුකමකුත් මිනිහට තියෙනවා.