Welcome

Kularathna Jayasekara

2013/05/07

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය



ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය
වර්ෂ 1972 සිට මේ දක්වා ශ්‍රී ලංකාව භාවිතා කරන රාජ්‍ය ලාංඡනය ඉහතින් දැක්වේ.
·       මෙහි මැද සිංහයා දැක්වේ. එයින් සිංහල ජාතියත්,
·       සිංහයා වටා ඇත්තේ නෙළුම් පෙති මොස්තරය මගින් පිරිසිදු බවත්,
·       මේ චක්‍රය දරා සිටින්නේ පුන්කලසයි එයින් සෞභාග්‍යත්,
·       පුන්කලසින් විහිදෙන වී කරල් චක්‍රය වටා ඉහලට යයි එමගින් සශ්‍රීකත්වයත්,
·       පුන්කලසට වම්පසින් හද දැක්වෙන අතර දකුණු පසින් ඉර ඇත. එයින් ජාතිය ඉර හද පවතින තුරු පවතින බවත්,
·       චක්‍රය මුදුනේ ධර්ම චක්‍රය ඇත. ධර්මිෂ්ඨකම සහ සාධාරණත්වය මෙමගින් පිළිබිඹුවේ.
·       මැද සිටින සිංහයා කඩුවක් අත දරා සිටීමෙන් ජාතියේ ප්‍රෞඪත්වය පෙන්වයි.
රාජ්‍ය ලාංඡනය යොදා ඇති තැන්:-
·       රජය විසින් නිකුත් කරන පාසැල් පොත්වල,
·       රජයේ අමාත්‍යාංශ විසින් නිකුත් කරන ප්‍රකාශන,බලපත්‍ර හා ලිපිවල.
·       රජයේ වාහන වල
·       භාවිතා කරනු ලබන මෙරට කාසි වල.

No comments: