Welcome

Kularathna Jayasekara

2013/01/11

05 වසර ශිෂ්‍යත්වය ජය ගන්න



05 වසර ශිෂ්‍යත්වය ජය ගන්න

2013 වසරේදී 05 වසර ශිෂ්‍යත්ව විභාග කඩඉම සාර්ථකව ජය ගැනීම සදහා ඔබගේ දරුවාට අත්වැලක් සපයන්නට මා ඔබට යම් උදව්වක් කරන්නයි සුදානම. ඒ නිසා මෙය මදක් කියවන්න.


2012 වසරේ ශිෂ්‍යත්ව කඩඉම ලකුණු 169 ක් ලබා ගනිමින් තරණය කරන්නට මාගේ දියණිය සමත්වුවාය.ඒ සදහා විදුහලේ ගුරුවර ගුරුවරියන් ලබා දුන් සහය මුලින්ම අගය කල යුතුය.මේ කාලය තුලදීම මා විසින් සිරස මාධ්‍ය හරහා විසුරුවා හරින ලද සිරස ලක්ෂපති වැඩසටහන නැරඹීමෙන් ඇති වූ යම් අදහසක් ක්‍රියාවට නැගීමට සුදානම් වු කාලයක් නිසා මේ සියළුම කාරණා පෙරදැරිව ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය වන්නාවූ ප්‍රශ්නාවලියක් සහිත වැඩසටහනක් නිර්මාණය කෙරුවෙමි.මේ සදහා මාගේ දියණිය උදව් කල අතර ඇගේ මතකය අළුත් කිරීමට එයද පිටිවහලක් වන්නට ඇතැයි සිතමි.

මා විසින් එසේ නිර්මාණය කරන ලද වැඩසටහන ළමුන්ගේ ප්‍රයෝජනය සදහා මෙම බ්ලොගය හරහා ලබා දීමට කටයුතු කෙරුවත් එය මේ දක්වා කාගේවත් ඇස ගැටි නොමැති බැවින් ඔබගේ අවධානය ගනු පිණීස මෙය ලිවෙමි.

එම වැඩසටහන මා විසින් නම් කර ඇත්තේ සිංහල පැන විසදුම් ක්‍රිඩාව යනුවෙනි. මේ ස්ථානය ක්ලික් කර වැඩසටහන බා ගන්න. හොදනම් කොමන්ටුවකුත් දාන්න.ගැටළුවක්නම් ඒකත් කියන්න.ස්තුතියි.

No comments: