Welcome

Kularathna Jayasekara

2016/10/02

සෙම නිට්ටාවටම සුව කර ගන්න කටරොළු වලින් මෙන්න මේ විශ්මිත ඔසුව හදාගන්න

සෙම නිට්ටාවටම සුව කර ගන්න කටරොළු වලින් මෙන්න මේ විශ්මිත ඔසුව හදාගන්න.


කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්. මේ කටරොළු ශාකය ගෙවතුවල රෝපණය කළත් මෙහි පවතින ඖෂධීය වටිනාකම හැමෝම දන්නේ නැහැ. ඇත්තටම කටරොළු කියන්නේ දේශීය වෙදකමේ රෝග රැසක් මැ~ලන්න ඖෂධ නිපදවන වටිනා ශාකයක්. අද සමාජය නොදන්නවා වුණත් පැරැ‚ වෙදැදුරන් පැවැසූ පරිදි කටරොළු කියන්නේ රෝග රැසකට ගුණය, සුවය සලසන මහා ඖෂධයක්.