Welcome

Kularathna Jayasekara

2012/12/26

ළමයින් සුරකිමු.

ළමයින් සුරකිමු.



මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලද්දේ අපේ රටේ අපේම දරුවන් වෙනුවෙනි.ඔවුන්ගේ අනාගත සුරක්ෂිත භාවය උදෙසා අප විසින් සිදුකල යුතු යුතුකම් කොටස සිදුවන්නේදැයි මදක් සිතා බැලිය යුතුය.අප අතින් යම් තරමකට හෝ ඔවුන්ගේ අයිතියට හානි සිදුවන්නේනම් වහාම එය නවතා දැමිය යුතුය.දරුවන් සදහා රසවත් ආහාර,ඇදුම් පැළදුම්,බෙහෙත් හේත් හෝ අධ්‍යාපනය පමණක් නොව ඔවුන්ගේ ළමා කාලයද ලබා දීමට අප උනන්දු විය යුතුය.සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු වසයෙන් පමණක් නොව දයාඹර පියෙකු ලෙසද මා මාගේ දරුවන්ට දක්වන සෙනෙහස හා දයාව අන් අයගේ දරුවන් උදේසා හිමිකර දීමට හැකිවීමම මා ලද ජයග්‍රහනයකි.නමුත් මා විසින් සහ මා නියැලි සිටින සේවාව මේ කටයුත්ත සදහා ප්‍රමානාත්මක නොවන බව දැනුනු නිසාම අන් සියළුම දෙනා මේ වෙනුවෙන් පෙලගැස්විය යුතුයයි මාගේ හැගීමයි.

ඔබත් මේ සත්කාර්ය සදහා පෙළගැසීමට කැමතිනම් මෙම වෙබ් අඩවිය සමග එක්වන ලෙස ඉතා හිතවත්ව ඉල්ලමි.




No comments: