Welcome

Kularathna Jayasekara

2013/04/24

Win Arachchikattuwa 1



2013 අ‌ප්‍රේල් මස 6 වැනිදා යනු ආරච්චිකට්ටුවට තවත් සුවිශේෂ දිනයක් වූවාට සැක නැත.
එදින පුත්තලම් දිස්ත්‍රීක් අන්තර් කාර්යාල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනයයි. මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එදින උත්සව කටයුතු සංවිධානයේ බර දරා තිබුනි. ඉතාමත් අලංකාර සහ පෞඪත්වයක් එක් කළ මෙම ක්‍රීඩා උළෙලේදි මළල ක්‍රීඩා තරග අංශ කිහිපයකින් සහ කණ්ඩායම් තරග අංග කිහිපයක පැහැදිලි ජයග්‍රහණ හිමි කරගන්නට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩකයන් සමත් විය.
එම අවස්ථාව සදහා සහභාගිවු සියළුම සහෝදර නිලධාරින් තමන්ගේ උපරිමයෙන් ක්‍රීඩාවේ යෙදි සිටින සහෝදර ක්‍රීඩකයින් දිරිමත් කරමින්ද, මුළු ක්‍රිඩා පිටිය පුරාවරට ඇසෙන සේ ගීත ගායනා කරමින්ද එදා දවස ගෙවා දැමුයේ ඉතාමත් ප්‍රීතිමත් අයුරකිනි.
දවසේ සුවිශේෂත්වය තියුණු කල කාන්තා දැල් පන්දු තරගයේ ශුරතාවයත්, කාන්තා අත් පන්දු තරගයේ අනු ශූරතාවයත් හිමිකර ගන්නට අප කාර්යාලයීය කණ්ඩායම් සමත්විය. 

රාත්‍රිය එළඹෙන විට සංගීත ප්‍රසංගය ආරම්භවිය. සියල්ලෝම සතුටිනි.අප කාර්යාලයේ නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නර්තනය සියල්ලන්ගේ අවධානය යොමුවූ තවත් අංගයක් බවට පත්විය.  
ඒ සියල්ලටම වඩා වැදගත්ම දෙය නම් 2013 වසරේ වැඩිම ළකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාවය ලබාගන්නට අපගේ ක්‍රීඩකයින්ට හැකිවීමය.
ආරච්චිකට්ටුව නාමය ජයග්‍රහණය වෙත රැගෙන යන්නට වෙහෙස වූ සියළුම ක්‍රීඩකයින්ටත්,ඔවුන් වෙත ශක්තිය සැපයු සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාටත්,අභියෝගය අභියෝගයක් ලෙසින් දුන් ප්‍රාදේශීය ලේකම්තුමාටත් සහය ලබා දුන් සියළුම නිලධාරින් ඇතුළු ආරච්චිකට්ටුව ප්‍රදේශවාසින්ටත් මේ මොහොතේ ගෞරවණිය ප්‍රණාමය පුද කර සිටින්නේ ඉමහත් සතුටිනි.
ඉතිරි ඡායාරූප මෙතනින් බලන්න

No comments: