Welcome

Kularathna Jayasekara

2013/01/31

හලාවතින් හද සසල කරවන පුවතක්

හලාවතින් හද සසල කරවන පුවතක්


හැමදාම උදෑසන රාජකාරිය සදහා කාර්යාලයට යද්දි දකින සුපුරුදු රුව අදනම් මම දැක්කේ නෑ. ටික වෙලාවකට පස්සේ තමයි මේ කෙනා ආවේ සුපුරුදු විදිහටම සුභ පතන ගමන්ම පමාවට හේතුවත් කිව්වා.


හලාවත ආනන්ද ජාතික පාසැලේ පවතින ක්‍රීඩා තරගයක් සදහා දරුවාව ගෙනිහිල්ලා ඇරලවලායි ආවේ කියලා. වෙනදටත් මාත් එක්ක කථා කරද්දි උනත් ඒ අතරින් වැඩිම මාතෘකාව බවට පත්වෙන්නේ දරුවෝ ගැනමයි. දවසේ රාජකාරි කටයුතු වල නියලීලා ඉන්න අතර වාරයේ කාර්යාලය උනුසුම් කාරි තත්වයකට පරිවර්තනය වන බවක් දැනුනා තැන් තැන් වලට එකතුවු අය හොර රහසේ කථා කරනවා. මමත් හිමිහිට ඒ අතරට එකතු වෙලා කන් දුන්නා මොකක්ද මේ කියලා.හිත ඇතුලෙන් කියනවා මොකක්දෝ නරක දෙයක් වෙලා කියලා.
හොදින් විපරම් කරලා බැළුවා එතකොටයි දැන ගත්තේ හලාවත ආන්නද ජාතික පාසැලේ පැවැත්වුනු ක්‍රිඩා උත්සවයේ මැරතන් තරගයට සහභාගිවුන ගැහැණු දරුවෙක් මිය ගිහිල්ලා කියලා. ඒ වෙන කවුරුත් නෙමේ හැමදාම උදැසන කාර්යාලයේ දකින අහිංසකම චරිතය වෙච්ච ආදරේට කවුරුත් සෝමේ අයියා කියලා ආමන්ත්‍රණය කරපු කෙනාගේ දෙවන දුව කියලා. අනේ මන්දා මොනවද කරන්නේ කියලා හිතාගන්නත් බැරි විදිහට කාර්යාලයේ සියළුම දෙනා අකර්මන්‍ය වුනා වගේ.නමුත් කාර්යාලයේ අය සෝමේ අයියට මේක බරපතල විදිහට නොකියා පොඩි අනතුරක් වෙලා කියලයි කිව්වේ.
මේ වෙද්දි  ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් තුමා වන ලුසේනා මහත්තයා කාර්යාලයෙන් බැහැරවයි හිටියේ. හැබැයි පණිවිඩය ලැබුණු ගමන්ම ඇවිත් සෝමේ අයියවත් කැන්දගෙන හලාවත මහ රෝහලට ගියා ටික වෙලාවකින් ආරංචි උනා සෝමේ අයියට දුක දරා ගන්න බැරිව හෘදයාබාධයක් හැදිලා රෝහල් ගත කෙරුවා කියලා. මේ ලිපිය ලියද්දිත් එයා රොහලේ. අපේ ශ්‍රී ලංකාවේම සමහර පියවරුන් තමන්ගේම ලෙයින් උපද්දවපු  දරුවන්ව පොලොවේ ගසා මරද්දි තම දරුවන්ට අසීමිතව ආදරය කරපු පියවරුන් තව දුරටත් මේ මිහිපිට ඉන්න බව මේ සිදුවීමෙන් පසක් විය.
අවසන් වරට මිය ගිය ඒ දැරියට මතු උපදින සංසාරය පුරාවට මෙවන් අකල් මරණ හිමි නොවේවා.උපදින හැම ආත්මයකදීම දරුවන්ට ආදරය කරන මව්වරුන් පියවරුන්ම හිමිවේවා. සංසාරේ කෙලවර නිවි සැනසෙන අජරාමර නිර්වාණ සුවයම සාත් සාත් වේවා. එමෙන්ම ඒ ආදරණිය තාත්තාට ඉක්මන් සුවය හිමි වේවායි පතමි.

No comments: