Welcome

Kularathna Jayasekara

2013/02/21

ටිකක් සිතන්න



මීට වසර 30කට පමණ පෙර අපේ රටේ දරුණුතම යුද්ධයක් නිර්මාණය වුයේ නිකම්ම නොවේ.අපි අපේ කම යයි කියා ගනිමින් එකිනෙකා කෙරේ සැක උපදවා ගත් නිසාවෙනි.මේ අවසරයෙන් ප්‍රයෝජනය කරගත් එක්තරා 

සොර දෙටුවෙකු මෙය ජාතිවාදි අරගලයක්යැයි හුවා දක්වමින් තම ජනයා තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගනු වස් පෙළ ගස්වා ඔවුන් සහ අහිංසක මිනිසුන් ලක්ෂ ගණනකට මරු කැදවුවාය.එලෙසින්ම අදද එවැන්නක් නිර්මාණය වෙමින් පවති.එය පෙරටත් වඩා භයංකාර විය හැකියැයි අනුමාන කල හැකිය.මෙවර මේ සොරකමට අර අදිනවුන් ජාතිය වෙනුවට ආගම් වාදි අරගලයක් හුවා දක්වමින් සිටි.මේ ත්‍රස්තවාදය නිර්මාණය කරන්නට අපද යම් අයුරකින් දායකත්වය සපයමින් සිටි ඒ කෙසේදැයි මෙසේ විග්‍රහ කල හැකිය.අප කිසියම් ආගමක් වෙත දැඩිව ලෙන්ගතුය ඒ නිසාම එය විවේචනය කරන්නවුන් හමුවේ අපද යම් විග්‍රහයන් කරමින් හා ඒවාට විරුද්ධ අදහස් ගෙන හැර පාමින් සමාජයේ මේ කිසිවක් සදහා යොමු නොවි සිටින මිනිසුන් ඒකරාශි කිරිමේ හා අන් මත දරන්නම් කුපිත කරමින් සිටි.යම් හේතුවකින් නැවත වරක් මේ මාතෘ භුමිය තුල කුමන හෝ ත්‍රස්තවාදයක් නිර්මාණය වුවහොත් ඒ තුලින් කිසියම් පිරිසක් ඝාතනය වුවහොත් එහි අනිටු ඵල විපාක විදින්නට සිදුවන්නේද එහි වගකීම දැරිය යුත්තේද අපම බව සිහි තබා ගත යුතුය.යම් යම් මාධයන් ඔස්සේ සමහර පුදගලයින් අන් ආගම් විවේචනය කරමින් පසුවේ මෙය ඉතා කණගාටු දායක තත්වයකි.
මේ ලිපිය ලියන මා උත්පත්තියෙන්ම බෞද්ධ අයෙකි.එමෙන්ම තවත් අයෙක් වෙනත් ආගමක් අදහන අයෙක් විය හැකිය.අප දෙපිළකට බෙදි අප අදහන ආගම ගැන නොව අන් අයගේ ආගම් විවේචන කරමින් උතසහා කරන්නේ නැවතත් මේ උපන් මාතෘ භුමිය වැනසීම සදහානම් අපට අප අදහන ආගමේ පිහිටක්ද හිමි නොවේ.එපමණක් නොවේ මරණින් පසුවද අපව භාර ගන්නට දෙවියන් කැමැත්තක් නොදක්වනු ඇත.මන්ද අප එවන් යහපත් ස්ථාන වල උත්පත්තියක් ලදහොත් ඒ ස්ථානයද වනසන්නට පුළුවන් බව දෙවියන් වටහා ගෙන ඇති නිසාය.එබැවින් අපට පිවිසීමට හැකි එකම මාර්ගය වන්නේ නරකාදිය පමණි.
මේ සියල්ල හැගිමෙන් නොව බුද්ධියට අනුව තෙරුම් ගෙන වහා වහා අප ගෙන යමින් පවතින මේ අදුරු කාල පරිච්ඡේදය නිමාකල හැකි මාර්ග සදහා පිවිසෙන්නයැයි මා සියළු දෙනාගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටිමි.
අප ඉවසීමෙන් මේ ගැටළු නිරාකරණය කරගනිමින් අපේ දරැවන් සදහා යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනගමු.එසේ නොමැති වුවහොත් ඔවුන් අප වෙත මුදා හරින සාපය අපට ආත්ම ගණනකින්වත් නිමා කල නොහැකිබව සිතන්න.
අවසානයේදි මෙසේ කියමු අප සියල්ලෝම මේ වා තලය ආශ්වාස කරන එකම එක මනුස්සයන් පිරිසක්ම බව.

No comments: