Welcome

Kularathna Jayasekara

2013/01/02

පිං පව් පල දෙන හැටි දැනගන්න

සෑම මිනිසෙක්ම තමන් අනාගතය සුරක්ෂිත කිරීම සදහා යමක් කරන බව පවසයි.නමුත් ගැඹුරින් සිතා බැලීමේදි මෙය සත්‍යක් නොවන බව පෙනේ. අනාගතය තව වසර කිහිපයකට නොව දීර්ඝ කාලයකට එහා බව නොපෙනෙන මිනිසා තම  අනාගතය සදහා ධනය පමණක් අවශ්‍යයි සිතයි. 

එම අවශ්‍යතාවය සරිකර ගනු වස් තමන් අනාගතයේ පැවැත්මට අවශ්‍ය සාධක සියල්ල මිළ කරමින් සහ අළෙවි කරමින් අනාගතය විනාස කරන  බව වටහා නොගනී. මුදල් හම්බ කිරීම සදහා වැඩි පිරිසක් අපේ පැවැත්ම සදහා අවශ්‍ය කරන පරිසරය හා සදාචාරාත්මක දෑ විනාශ කරමින් සිටි. නමුත්  මේ පිලිබදව යම් විමසීමක් කළහොත් ඔවුන් ලබා දෙන පිළිතුර වන්නේ ඔවුන් අනාගය සදහා යමක් කරන බවයි. මේ ආකාරයෙන් තවත් වසර ගණනක් ඉදිරියට යෑමේදි තමන්ගේ අනාගත උරුමක්කරුවන් සදහා කිසිදු ඉඩක් තබා නොමැති බව වැටහෙන්නේ සමහර විට මේ සියළුම කාර්යන් සිදුකරමින් සියල්ල අහිමි කලවුන් නොව ඔවුන්ගේ මතුපරපුරය. එබැවින් අනාගතය යනු මුදල්ම පමණක් නොවන බව වටහා ගන්න.එසේ නොමැති වුවහොත් මතු අනාගතයේ සාපයට ලක් වන්නට අද දවසේ ජීවත් වන අප සියළු දෙනාට සිදුවේ.

ඔබ කුමන ආගමක් ඇදහුවද ඔබ මරණින් පසු නැවත උපදින බව සිහිතබා ගන්න.එම නිසාම අනාගතයේදි උපදින ඔබම වර්ථමානයේ ජිවත්වන ඔබට සාප කරන බව සිහිකරන්න.මන්ද මරණින් මතු අපහට හිමි වන ජීවිතයේදි අප වර්ථමානයේ සිදුකල කිසිවක් නොදන්නා බැවිනි.

ඔබ අද දවසේ ගෙවන ජීවිතය ඇසුරෙන් ඔබේ අනාගතය දැකගැනීමටත්,අතිතයේ ඔබ ජිවත්වු ආකාරය මැනවින් අවබෝධ කර ගැනීම පිණිසත් පහත ඇති පොත් පිංච කියවන්නැයි මා ඔබට ඇරියුම් කරමි. එය කියවා අවබෝධ කර ගන්නටත් ඒ අනුව ජීවිතය හැඩ ගස්සවා ගන්නටත් ඔබට හැකිවේවා.අප අතින් අද දවසේ සිදුවෙමින් පවතින සියළුම වැරදි ක්‍රියාවන්ගෙන් මිදීමට හැකියාව ලැබේවා.

ඔබට සම්මා සම්බුදු සරණයි.



No comments: