Welcome

Kularathna Jayasekara

2013/01/03

පරිගණකයක් විශ්වාසයෙන් මිළදී ගමු

පුත්තලම් දිස්ත්‍රීක්කයේ අඩුම මිළකට පරිගණකයක් මිළදී ගැනීම සදහා විශ්වාසයෙන් යුතුව පැමිණිය යුතු සුදුසුම ස්ථානයක් පිලිබදව ඔබ දැනුවත් කිරීමටයි අද මම සූදානම් වෙන්නේ

පුත්තලම් දිස්ත්‍රීක්කයේ අඩුම මිළකට පරිගණකයක් මිළදී ගැනීම සදහා විශ්වාසයෙන් යුතුව පැමිණිය යුතු සුදුසුම ස්ථානයක් පිලිබදව ඔබ දැනුවත් කිරීමටයි අද මම සූදානම් වෙන්නේඇයි මම මේ ස්ථානය පිලිබදව මේ තරම් විශ්වාසයෙන් කථා කරන්නේ කියලා ඔයාලා හිතනවා ඇති. මමත් කාලයක් පරිගණකය ගැන ඒ තරම් දැනුමක් නොමැති කාලයක පොලිය අයකරන්නැති ජොලියෙන් භාණ්ඩ මිළදි ගත හැකි වෙළද ආයතනයකින් පරිගණකයක් මිලදී ගත්තා. අනේ හරියටම හය මාසයයි ගියේ අධි විදුලි බල ප්‍රශ්නයක් නිසා පරිගණකය අක්‍රිය වුනා.හොදම වගකීමකුත් දෙනවා කියපු නිසා කිසි ප්‍රශ්ණයක් නැති වෙයි කියලයි හිතුවේ ඒත් ඔවුන් නොයෙකුත් කරුණු දක්වමින් අදාල වගකීම මට ලබා දුන්නේ නෑ.මම වාරික ගෙවන එක නැවැත්තුවා කියලා පරිගණකය ගෙනියන්නත් ආවා නමුත් මම දුන්නේ නැ.මේ කාලෙදිම මම කියන්න යන පරිගණක ආයතනයේ දැන් අයිති අය වෙන පරිගණක ආයතනයක පරිගණක හදමින් තමයි හිටියේ එයා මට කථා කරලා කිව්වා පිච්චුනු කැලි ටික ගෙන්න කියලා මමත් ගෙනිහිල්ලා දුන්නා එයා පරික්ෂා කරලා කිව්වා ඒකේ මව් පුවරුව විතරයි අක්‍රීය වෙලා තියෙන්නේ කියලා මට පරිගණකය හදලා දුන්නා ඉතින් බලන්න යාළුවනේ එයාටත් තිබුනනේ මාව රවට්ටන්න ඒත් එහේම කෙරුවේ නැත්තේ හොද ගතිගුණ නිසානේ එදා ඉදන් එයා මගේ හොදම යාළුවෙක් උනා.අදටත් මටනම් ගොඩක් උදව් තියෙනවා දැන් එයා පරිගණක වෙළද සැලක අයිති කාරයෙක් මම දන්නවා එයා ලගට එන ඕනෑම ගැණුම් කරුවෙකුට සලකන්නේ අර පරණ කෙනා විදිහටමයි ඉතින් මම හැමදාම ප්‍රාර්ථනා කරනවා එයාගේ ව්‍යාපාරය දියුණු වෙන්න කියලා මට කරපු උදව් වලටත් එක්ක මගේ බ්ලොග් අඩවියෙන් එයාගේ ව්‍යාපාරය හදුන්වා දීම මගේ යුතුකමක් නේද? ඔන්න එහේනම් මේ තියෙන්නේ ඒ වෙළද ආයතනයයි.

No comments: