Welcome

Kularathna Jayasekara

2013/01/19

බ්ලොග් අඩවියක් හදමුද?



බ්ලොග් අඩවියක් හදමුද?

ඔයාලා දැන් දන්නවනේ මම බොහෝම සාමාන්‍ය කෙනෙක් කියලා.කලකට ඉස්සෙල්ලා මටත් තිබුනා බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගන්නේ කොහෝමද කියන ප්‍රශ්නය.කොහොම හරි අන්තර්ජාලය තුල සැරිසරද්දි ඒ තුල තිබුනු සමහර බ්ලොග් අවකාශවල මේ කාර්ය සිදුකරගන්න විදිහ සදහන් ලිපි පල වෙලා තිබුණා ඒවා කියවලා තමයි මේ බ්ලොග් අඩවිය නිර්මාණය කෙරුවේ.මම කරන රැකියාවට අනුව අපි යමක් දැක්කොත් හරි යමක් සොයා ගත්තොත් ඒක අන් අයටත් ප්‍රෙයා්ජනයක් ගන්න පුළුවන් විදිහට බෙදලා දෙන එක පුරුද්දක්.
මම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් වන අතර සමෘද්ධි මහ සංගමයේ ගිණුම් කටයුතු සහ සහකාර කලමණාකරු ලෙස දැනට කටයුතු කරමි.මේ තොරතුරු ටික කිව්වේ මං කවුද කියන එක ඔයාලා දැන ගන්න එක වැදගත් නිසයි.මොකද කවුරු කොහෝම කිව්වත් මේ වගේ අන් අයගේ දුක නිවන්නට වෙහෙස දරන ඒ වෙහෙස තුලින් යමක් කල බව පසක් කොට තෘප්තිමත් වන රැකියාවක් මා වෙත හිමි වීමම මා ලද භාග්‍යක් කොට සලකන නිසාත්ය.
හොදයි එහෙනම් ආපසු අපේ සුපුරුදු කතාවට යමු.ඔය ගොල්ලෝ දිගටම මාත් එක්ක ඉන්න මම ලගදීම ඔය ගොල්ලන්ට පිලිවෙළට මුල සිට බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගන්නා අන්දම සහ මගේ අඩවිය නිර්මාණය කිරිමේදි මා ලැබු අත්දැකීම් පිලිබදව කියලා දෙන්නම්.මොකද මේ දවස් වල රාජකාරි කටයුතු අධික කාලයක් නිසා මේ ලිපි සකස් කරන්න කල් යනවා.ලිපි ටික සකස් කරලා අවසන් කරපු වහාම ඒවා පෝස්ට් එකට දාන්නම්කෝ.තාම මමත් මේකට ආධුනිකයි මේක හැදුවෙත් මගේ හිතවත් කිහිප දෙනෙකුගේ උදව් අරගෙන.
ආ ඔයාලට තව කාරණයක් තියෙනවා කියන්න මේ මුල් හරියේ තියෙනවා විඩියෝ වගයක් එච්චරම කොලටිනම් නැතුව ඇති ඒත් ඒක බලන්න ඒ අපි සමෘද්ධි වැඩසටහන යටතේ කරපු වැඩක් අපේ රටේ අනාත නිවාසයක ඉන්න අපේම ළමයි පිරිසක් තමයි ඒකේ ඉන්නේ බලන්න ඔවුන් කොච්චර දක්ෂද කියලා ඒ රංගනයන් ඔවුන් තනිවම හදා ගත් ඒවා.අපිට ශක්තිය මදි ඔවුන්ට සලකන්න.පුළුවන්නම් ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න ඒ වගේ අපේ රටේ තනිවෙලා ඉන්න ළමා හා වැඩිහිටියන් වෙනුවෙන් යමක් කරන්න.ඔනෑම කාර්යක් ඵලදායි ලෙස කරන්න හොදම තැන සමෘද්ධියයි.



මා හිතවත් සමෘද්ධි සංවර්ධන නිලධාරි
එස්.ජේ.එම්.කුලරත්න

No comments: