Welcome

Kularathna Jayasekara

2013/02/26

බත කා ඉවරයි



බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
පන්නන්නට සැරසෙව් රාලේ

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට ‍මෙන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටාත් බද්දක්
ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඩන විට
මොනවද මම නුඹලට දෙන්නේ
බනේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවනේ

ඇහැල මහේ සිට නිදහස ඉල්ලන
පිපි වැනී ගිය මල් පිපුනා
කඩුවට කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුනා

සම්පායම් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන්
සිංහල පොලොවේ කැති ගාලා

කන්දේ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස් වන සද්දේ
කකුලු ලෙසට සුද්දන් එලි යාවි
ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසි කරලා
අමුනයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනග මැද යම යුද්දේ

කොහල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස් පෙත් විසිවී වැටුනා
රණ බිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුනා

No comments: