Welcome

Kularathna Jayasekara

2013/07/18

Pen Drive එකක් Bootble කර ගන්නා හැටි



Pen Drive එකක් Bootble කර ගන්නා හැටි
යාළුවනේ අද මම කියලා දෙන්න යන්නේ ටැබ්ලට් පරිගණකයක් නැත්නම් මිනි ලැප්ටොප් එකක් වගේ CD Rom එකක් නැති පරිගණකයක් Format කිරීම සදහා Pen Drive එකක් යොදා ගන්නා ආකාරය පිලිබදවයි.

මේ සදහා 8GB Pen Drive එකක් උවමනා වෙනවා.
මුලින්ම DVD Rom එකක් සහිත පරිගණකයකින් Administer Dos Command එක විවෘත කර ගන්න මේ සදහා Run තුල cmd ලෙස ටයිප් කර Ctrl + Shift සමග Enter Click කරන්න.
පසුව Dos Command එකේ diskpart ලෙස ටයිප් කර Enter Click කරන්න.
ඉන්පසු Pen Drive එකේ Disk අංකය බැලීම සදහා = DISKPART> list disk – Enter
අංකය 2 නම්,
Pen Drive එක Select කිරීම සදහා = DISKPART> DISK 2 – Enter
Pen Drive එක Clean කිරීම සදහා = > CLEAN – Enter
Pen Drive එක තනි Primary Partition කිරීම සදහා = > CREATE PARTITION PRIMARY – Enter
පහත පියවරයන් අනුගමනය කරන්න
>SELECT PARTITION1 – Enter
>FORMAT FS=NTFS – Enter
>ASSIGN – Enter
>EXIT – Enter
CD ROM එක E: ලෙසත් Pen Drive එක H: ලෙසත් නම් පහත පරිදි කරන්න
C:\Users\Administrator>E: - Enter
E:\> CD BOOT – Enter
E:\BOOT> BOOT SELECT/NT60 H: - Enter
අවසානයේදි සීඩී එකේ ඇති සියළුම ෆයිල් පෙන් එකට කොපි කරන්න. දැන් අපේ බූටබල් පෙන් ඩ්‍රයිව් එක සුදානම්.





No comments: