Welcome

Kularathna Jayasekara

2013/11/24

ගණිත කථාවක්

ගණිත කථාවක්
ඔන්න යාළුවනේ එක දවසක් අහම්බෙන් වගේ යාළුවෝ දෙන්නෙක් මගදි මුණ ගැහිලා ආ ගිය තොරතුරු කථා කලාලු. එක යාළුවෙක් ගොඩාක් මහන්සි වෙලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක හිමි කාරයෙක් අනෙක් කෙනා පුළුවන් විදිහට සුළු ව්‍යාපාරයක් කරන කෙනෙක් ලොකු සල්ලියක් එහෙමත් නෑ. ඒත් හරිම බුද්ධිමත් කෙනෙක්.

2013/10/24

Please Help Me My Friends

If you wish to contribute to my blog, you may use the Payza link below. Every contribution to this site is supportive for my continuous research in designing the blogs and encourages me to develop more solutions,  such as the ones that are available in this site currently, free of cost.




kularathna

මෙම බ්ලොගය පවත්වාගෙන යාම සදහා ඔබත් ආධාරයක් මා වෙත ලබා දීමට කැමතිනම් ඉහත බොත්තම ඔබන්න එවිට $1 මුදලක් මා වෙත ලබා දිය හැක  .ඔබ විසින් මාවෙත ලබා දෙන සහය ඉතා අගය කොට සලකමි.

2013/07/22

Maintain Operating System



Maintain Operating System 
වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියක් හැසිරවීමේදි ඔබ දැනගත යුතු වැදගත් කරුණු

2013/07/18

Pen Drive එකක් Bootble කර ගන්නා හැටි



Pen Drive එකක් Bootble කර ගන්නා හැටි
යාළුවනේ අද මම කියලා දෙන්න යන්නේ ටැබ්ලට් පරිගණකයක් නැත්නම් මිනි ලැප්ටොප් එකක් වගේ CD Rom එකක් නැති පරිගණකයක් Format කිරීම සදහා Pen Drive එකක් යොදා ගන්නා ආකාරය පිලිබදවයි.

2013/07/04

42 වන අභිමානවත් මිහිදු මහා පෙරහැර ආරච්චිකට්ටුව

ආරච්චිකට්ටුව ශ්‍රී නාගාරාම විහාරස්ථ දායක සභාව සහ ප්‍රෙද්ශවාසී ජනතාවත් සියළුම රාජ්‍ය ආයතනයන් හී එකමුතුවෙන් 42 වරටත් පැවති මිහිදු මහා පෙරහැර පසුගිය 28 වන සිකුරාදා වීදි සංචාරය කරන ලදි. එහි සුවීශෙෂ අවස්ථා වල ඡායාරූප එකතුවක් මේහි ඇත.



2013/06/20

කාරුණික හදවත් විවර වේවා

ඉහත ඡායාරූපයේ ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බන්ඩාරහේන ග්‍රාම නිලධාරි වසමේ අංක 95/ඒ, බන්ඩාරහේන,ආරච්චිකට්ටුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු හතර හමාරක් වයසැති සිලුම් ලිහාරා දියණිය සහ ඇගේ වයස අවුරුදු එක හමාරක් වයසැති කුඩා සහෝදරයා වන සවින් ලිසදු යන අයයි. මෙම දරුවන් දෙදෙනාම ශ්‍රවණාබාධිත තත්වයේ පසුවන අතර ඔවුන්ට ශ්‍රවණ උපකරණ පැලදීමෙන් මෙම තත්වය සමනය වන බව වෛද්‍ය වරුන් නිර්දේශ කර තිබේ. එසේ වුවද මෙම පවුල ඉතාමත් දුකසේ ජීවත් වන පවුලක් බැවින් අදාල ශ්‍රවණ උපකරණ මිළදී ගැනීමේ හැකියාවක් නොමැත . මේ පිලිබද ඔබගේ කාරුණික අවධානය යොමුකර අදාල පවුල වෙනුවෙන් උපකාරයක් කරන්නැයි ආයාචනා කරමි.
ඔබ මුදලින් උපකාර කරන්නේනම් මෙම දරුවන්ගේ මව වන සුසිතා ලක්මාලි නමින් හලාවත කොමර්ෂල් බැංකු ශාඛාවේ විවෘත කර ඇති 8430038507 දරණ ගිණුමට බැර කල හැකිය.
මේ පිලිබද වැඩි විස්තර ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් විමසිය හැක.
දුරකථන අංකය:- 0322259452 හෝ 0322259709
(මෙම දරුවන් කැළණිය ශ්‍රවණුන ළමුන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය ලක්මන් බියන්විල මහතා විසින් පරික්ෂාකර ඇති බව වැඩිදුරටත් දන්වමි)

2013/05/26

මනාලියගේ දෙවැනි ගමනට (Going Away)

මනාලියන්ගේ දෙවැනි ගමනට සුදුසු ඇදුමක් තෝරා ගනිමුද

2013/05/22

රණවිරු උපහාර උළෙල 2013

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ප්‍රදේශයේ ආබාධිත හා මියගිය රණවිරුවන් සහ රණවිරු පවුල් වල අය සදහා උපහාර පිදීමේ උළෙලක් 2013 මැයි මස 21 වන දින උත්සවාකාරයෙන් පැවැත්වීය.එහි ඡායාරූප සටහන් කිහිපයක් මෙසේ ඔබ වෙත පිරිනමමි.

ජාතික සංකේත

අදට යෙදි ඇති ජනරජ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික සංකේත සම්බන්දයෙන් දැනුවත් කිරීම සදහා ඒවායේ තොරතුරු පහතින් දක්වා ඇත.

2013/05/11

සිංහල සිංදු

බොදු බැති ගී ඇතුළු සිංහල ගීත අසන්න මෙතනින් ඇතුල් වෙන්න මෙතන ක්ලික් කරන්න

2013/05/07

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය



ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය
වර්ෂ 1972 සිට මේ දක්වා ශ්‍රී ලංකාව භාවිතා කරන රාජ්‍ය ලාංඡනය ඉහතින් දැක්වේ.
·       මෙහි මැද සිංහයා දැක්වේ. එයින් සිංහල ජාතියත්,
·       සිංහයා වටා ඇත්තේ නෙළුම් පෙති මොස්තරය මගින් පිරිසිදු බවත්,
·       මේ චක්‍රය දරා සිටින්නේ පුන්කලසයි එයින් සෞභාග්‍යත්,
·       පුන්කලසින් විහිදෙන වී කරල් චක්‍රය වටා ඉහලට යයි එමගින් සශ්‍රීකත්වයත්,
·       පුන්කලසට වම්පසින් හද දැක්වෙන අතර දකුණු පසින් ඉර ඇත. එයින් ජාතිය ඉර හද පවතින තුරු පවතින බවත්,
·       චක්‍රය මුදුනේ ධර්ම චක්‍රය ඇත. ධර්මිෂ්ඨකම සහ සාධාරණත්වය මෙමගින් පිළිබිඹුවේ.
·       මැද සිටින සිංහයා කඩුවක් අත දරා සිටීමෙන් ජාතියේ ප්‍රෞඪත්වය පෙන්වයි.
රාජ්‍ය ලාංඡනය යොදා ඇති තැන්:-
·       රජය විසින් නිකුත් කරන පාසැල් පොත්වල,
·       රජයේ අමාත්‍යාංශ විසින් නිකුත් කරන ප්‍රකාශන,බලපත්‍ර හා ලිපිවල.
·       රජයේ වාහන වල
·       භාවිතා කරනු ලබන මෙරට කාසි වල.

2013/05/03

ආරච්චිකට්ටුව කනිටු විදුහලේ බක්මහ උළෙල 2013




හලා/ආර/ආරච්චිකට්ටුව කනිටු විදුහලේ දරු දැරියන්ගේ 2013 සිංහල අලුත් අවුරුදු උළෙල අද දින පෙරවරුවේ සියලු චාරිත්‍රානුකූල වත්පිළිවෙත් මැද අති උත්කර්ෂවත් ලෙස පැවති අතර එහි ඡායාරූප පෙලක් පහත දැක්වේ.

2013/04/24

Win Arachchikattuwa 1



2013 අ‌ප්‍රේල් මස 6 වැනිදා යනු ආරච්චිකට්ටුවට තවත් සුවිශේෂ දිනයක් වූවාට සැක නැත.

2013/04/17

මල් ටිකක් බලමු

අපේ කාර්යාලයේ ග්‍රාම නිලධාරි නිලුකා මහත්මියගේ මිදුලේ තියෙන මල් වල පින්තුර ටිකක් දුන්නා. හැබැයි මේ පින්තුර අරන් තියෙන්නේ ජංගම දුරකථනයකින් නිසා ටිකක් පැහැදිලි මදි නේද? කමක් නෑ ලස්සනද කියලා කියන්නකෝ.